විදුහල්පති පණිවිඩය
T.M.A.B.සෙනෙවිරත්න
ඓතිහාසික පොළොන්නරුව රාජධානිය තුළ මහසෙන් රජුගේ අණසක පැවති ප්‍රදේශයක පිහිටි පො /නාගලකන්ද මහා විද්‍යලය මින්නේරිය ගම්මානයේ අභිමානයේ සංකේතයයි පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ විරාජමානව තම අධ්‍යාපනික සමාජයීය කටයුතු මෙන්ම විවිධ සමාජ ක්‍රියාකාරකම්වලද තම වගකීම් නොපිරිහෙලා ඉටු කරනු ලබන ප්‍රධාන අධ්‍යපන ආයතනය බවට මේ වනවිට අප පාසල පත් වී තිබීම සතුටට කරණයකි. දශක හතකට ආසන්න දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන පො / නාගලකන්ද මහා විද්‍යලය සිසුන්ගේ අධ්‍යාපන ක්‍රිඩා සෞන්දර්ය ආදී විවිධ අධ්‍යපන පරාසයන් තුළ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල දායකත්වය දක්වන පාසලක් බවට පත් වී ඇත. මෙම බහුවිධ ක්ෂේත්‍ර ඔස්සේ කලාප පළාත් සමස්ත ලංකා ජාතික අන්තර්ජාතික ආදී සියලුම පරාසයන් තුළ පදක්කම්ලභි ජයක්ග්‍රහකයන් බිහිකළ අභිමානනීය අතීතයකට හා වර්තමානයකට උරුමකම් ඇති පාසලක් ලෙස නිබඳ කීර්තියට පත්වේ.
හය දහතුන ශ්‍රෙණි වල දූ දරුවන් අධ්‍යපනය ලබන මෙම පාසලෙන් සෑම වසරකම අපොස උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල වරම් ලබා ගන්නා සිසුන් සිටීමද විද්‍යාලයේ කීර්තිනාමයට සුවිශේෂී සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය. අතීතයේ සිට මේ දක්වා ඉතිහාසය තුළ පාසල ගොඩනැංවීම උදෙසා, අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීම උදෙසා, කැපවී ක්‍රියා කළ සියලු විදුහල්පතිවරුන් ගුරු භවතුන් සිසු දරුවන් ඇතුළු පාසල් ප්‍රජාවට එහි ගරුත්වය හිමිවිය යුතු බව අවිවාදිතය
විවිධ ක්ශේත්‍ර ඔස්සේ බහුවිධ දස්කම්පාන සිසුන් වර්තමානය වන විට නූතන තාක්ෂණය භාවිතයන් තුළ සුහරු පන්ති කාමරවල කටයුතු කරමින් නව තාක්ෂණ ලෝකයන් පාසලට අනුවර්තනය කර ගනිමින් වර්තමානය තුළ තාක්ෂණික ලොව තුළ ඉගෙනුම් සුවසාධ්‍යකරණයේ යෙදෙයි. නව ආකල්ප වලින් සමන්විත ගුරුභවතුන් හා දරුවන් සිටීමද පැසසිය යුතු කරුණකි. පාසල තුළ සුහුරු පන්ති කාමර නිර්මාණය කරමින් සුහුරු පුවරු භාවිතා කරමින් මෙන්ම නවතම වෙබ් අඩවියන් ඔස්සේ තොරතුරු ගවේෂණය කරමින් දැනුම් ගවේෂක සමාජයක ඉගෙනුම් ලබන තාක්ෂණික පරම්පරාවෙහි නිරත දරුවන්ට අනාගත වැඩ ලෝකය ඔස්සේ මඟ හසුර උදාවී තිබීම සතුටට කාරණයකි .මේ සඳහා කැපවී ක්‍රියා කරන සියලුම දෙනා වෙත මාගේ හෘදයාංගම ප්‍රශංසාව පුද කරන්නට කැමැත්තෙමි.
රතුරු ගවේෂණය කරමින් දැනුම් ගවේෂක සමාජයක ඉගෙනුම් ලබන තාක්ෂණික පරම්පරාවෙහි නිරත දරුවන්ට අනාගත වැඩ ලෝකය ඔස්සේ මඟ හසුර උදාවී තිබීම සතුටට කාරණයකි මේ සඳහා කැපවී ක්‍රියා කරන සියලුම දෙනා වෙත මාගේ හෘදයාංගම ප්‍රශංසාව පුද කරන්නට කැමැත්තෙමි.
T.M.A.B.සෙනෙවිරත්න
විදුහල්පති
නාගලකන්ද මහා විද්‍යාලය.





