පාසලේ ඉතිහාසය

ලෝක ළමා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

පාසලේ ඓතිහාසික විකාශනය - මිණිහිරි වැව් කොමළියගේ දිය පහසින් පෝෂණය ලබමින් පටපිළි කන්දෙන් හා සළු පිළි කන්දෙන් ආරක්ෂාව ලබමින් ඓතිහාසික මින්නේරිය පුරවරයෙහි විරාජමාන ව යහපත් පරපුරක් රටට දායාද කරන නාගලකන්ද විදුහල් මෑණියන්ගේ අතීත තතු විමසා බැලීම වටී. විදුහල පිහිටි මුල් ම භූමි ස්ථානය හබරණ මින්නේරිය ප්‍රධන මාර්ගයේ වත්මන් පාසල පිහිටි ස්ථානයට මුහුණලා හිඟුරක්ගොඩ මාර්ගයේ ස්ථානයක බව අතීත තොරතුරු දන්නෝ පවසති. වර්තමාන පාසල ජිහිටි ස්ථානයේ පාසල ස්ථාජිත කිරීම පිළිබඳව ලිඛිත සාක්ෂි නැති නමුත් 19 55 දී පමණ පාසල මෙම ස්ථානයේ ස්ථාපිත කල බවට තොරතුරු අනාවරණය වේ.1955 දී පාසළේ පරිපාලන කටයුතු කළ මුල් ගුරුවරයෙකු පිළිබඳව ලිඛිත තොරතුරු සොයා ගත නොහැකි අතර 1961 -02 14 වන දින D.M.J.L ප්රනාන්දු විදුහල්පතිවරයා ලෙස කටයුතු කල බව ලේඛනයන්හි සඳහන්ව ඇත.1962 - 06 28 වන දින A.B.M සෙනවිරත්න මහතා විදුහල්පති වරයා ලෙස පත් වූ බවට පාසල් ලොග් සටහන සාක්ෂි දරයි. පාසලේ ඉතිහාසය සොයා බැලීමේදී 1962 -05 21 වන දින පාසල් භූමිය ලිඛිතව පාසල සතු ඉඩමක් බවට පත් විය.1962 -07 - 04 වන දින සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ පාසල් පද්ධතිය තුළ පළමු වරට බාලදක්ෂ සන්සදයක් ආරම්භ කිරීමයි. එම වර්ෂයේම එනම් 1962- 09-28 වන දින විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් නිවාසාන්තර ක්රීඩා උත්සවයක් පවත්වා ඇත.1963 - 07 - 14 වන දින ශිෂ්යයන් සඳහා හිමි වූ සුවිශේෂී අයිතියකි.1963 - 07 - 14 දින වන විට පාසලේ ගුරු මණ්ඩලය 12 දෙනෙක් හා අධ්යාපනය ලබන ශිෂ්ය සංඛ්යාව 464 ක් විය. 1963 දෙසැම්බර් මාසයේ පැවැත්වූ ආපො ස සාමාන්ය පෙළ විභාගය සඳහා ශිෂ්ය ශිෂ්යාවන් 12 දෙනෙක් ඉදිරිපත් වූ අතර සම්මාන සාමාර්ථ්යයෙන් 21 ක් සමගින් අපේක්ෂකයින් 07 දෙනෙක් සමත් වූ බව.විභාග ප්‍රතිඵල වල සදහන්ය.1964 - 07 -04 වන දින පොළොන්නරුව දිස්තික් සමුපකාර සමිතිය විසින් පවත්වන ලද තරගාවලියකදී කථික තර්ගයකින් පුථම ස්ථානයන් සමුපකාර ගීතයෙන් නර්තනයකින් හා නාට්‍ය තරගයෙන් දෙවන ස්ථානයත් ලබා ගනිමින් තරග රැසකින් ජයග්‍රහණ පාසල සතු කර ගන්නා ලදී. මේ කාල වකවානුව වන විට ගුරු මණ්ඩලය 14 දෙනෙක් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 466 ක් බව සඳහන් වේ.1964 -10 - 16 වන විට විද්‍යාලයේ විදුහල්පති ධුරය W.E.P ප්‍රනාන්දු මහතා දරණ ලදී. 1968 - 01 - 04 වන දින සිට 1973 - 05 - 02 දින දක්වා P. නෙලුහේන මහතා විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන @දී. 1966 - 07 - 31 වන දින එවකට ඉඩම් වාරි මාර්ග හා විදුලි බල අමාත්‍ය C.P ද සිල්වා මැති තුමාගේ දායකත්වයෙන් පාසලට බුදු මැදුරක් ලබා දෙන ලදී 1967 - 10 - 15 වන දින සිට දෙවරු පාසලක් වූ පාසල එක් වරු පාසලක් බවට පත් කරන ලදී. ශිෂ්‍යන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය ක්‍රීඩා පිටිය සැකසීම පිළිබදව මූලික පියවර 1967 - 11 - 25 දින ආරම්භ කරන ලද අතර පාසලට ස්ථිර ගොඩනැඟිල්ලක් තැනීම සඳහා මුලික අඩිතාලම යෙදුනේ ද එම දිනයේදීම බැව් සඳහන්ය. 1968 - 01 - 04 වන දින සිට 1973 - 05 - 02 දින දක්වා P.නෙලුහේන මහතා විදුහල්පතිවරයා වූ අතර 1968 වර්ෂයේ සිදු වූ වඩා වැදගත් ම සිදුවීම වූයේ පාසල් ඉඩම පිළිබද ව අයිතිය තහවුරු කරන ලද බලපත්‍රය හිමි වීමයි.

1968 - 01 - 25 වන දින පැමිණි ප්‍රාදේශීය අධ්‍යාපන නිලධාරීගේ අංක පො/ පා/ ආ610 සහ 1968 - 01 - 10 දින දරණ ව්‍යවස්ථාවට අනුව මෙම විදුහලට අයත් ඉඩමේ මායිම් ගල් විදුහල්පති පෙන්නුම් කරන පරිදි ඉඩම් භාර ගත්තා ලදී. මේ අනුව පිඹුරු අංක FTP සහ ලොට් අංක 1210 - 1211 සහ 1213 යන ඉඩම් කොටස් බලපත්‍රයන් සහ විස්තර ඇතිව භාර ගන්නා ලදී. ඉඩමේ මුළු බිම් ප්‍රමාණය අක්කර 10 පර්චස් 03 කි. බලපත්‍ර සහ විස්තර පාසල් ගොනුවේ තැන්පත් කර ඇත. "1973 - 05 - 02 දින M. රම්බණ්ඩා මහතා විද්‍යාලීය විදුහල්පතිවරයා ලෙස වැඩ භාර ලන්නා ලදී. 1973 - 05 - 07 දින වන විට පාසලේ ගුරු මණ්ඩලය 19 දෙනෙක් වු අතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 539 ක් සිටි බව ලේඛන වාර්ථා කරයි. 1975 - 08 - 04 වන දින කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල සඳහා ගිවිසුම් අත්සන් කරන ලදී. 1978 - 01 10 වන දින දක්වා M. රම්බණ්ඩා මහතා විද්‍යාලීය  විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ අතර M.B.M රණතුංග මහතා 1978 - 01 - 10 දින සිට 1981 - 06 - 02 දින දක්වා විදුහල්පති වරයා ලෙස පාසල මෙහෙයවනු ලැබීය.1981 - 06 -10 දින සිට 1989 - 06 -11 වන දින දක්වා විද්‍යාලීය විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ M.S සිල්වා විදුහල්පතිවරයාය. 1989 - 06 - 11 දින පියසිරි පී.කේ ලියනගේ මහතා විදුහල්පති වරයා ලෙස වැඩ භාර ගත් අතර 1990 වර්ෂය වන විට පාසළේ ගුරු සංඛ්‍යාව 43 ක් ද ශිෂ්‍ය සංඛ්‍යාව 1205 ක් පමණ වේ.1991 දී සමස්ත ලංකා ශාස්ත්‍රීය ගායනා තරගයෙන් තෙවන ස්ථානය පාසලට හිමි කර ගැනීමට හැකියාව ලැබිණි. අප විද්‍යාලයෙන් අධධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාල වරම් ලැබුවන් ද සිටි අතර 1980 වර්ෂයේ උතුරු පළාතේ ක්‍රීඩා තරග සඳහා සිසුන් 10 දෙනෙක්  ඉදිරිපත් වී සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණයන් ද ලබා ගන්නා ලදී. 1990 වර්ෂයේ පළාත් සංගීත තරග සහ නැටුම් තරගවලින් විද්‍යාලයට ජයග්‍රහණ හිමි විය. 1992 - 01 - 17 වන දින පියසිරිP.K. ලියනගේ මහතාගේ ධූර කාලය අවසන් වූ අතර එදිනම් K.G.D.M පියදාස මහතා නව විදුහල්පතිවරයා ලෙස කටයුතු බාර ගන්නා ලදී. 1993 වර්ෂයේදී ජාතික ශිෂ්‍ය භට බලකායේ පුහුණුව සඳහා පාසලින් ප්‍රථම වරට කණ්ඩායම් යොමු කිරීම ද සුවිශේෂී සිදුවීමක් විය. සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලියේ පළාත් තරග වලින් ප්‍රථම ස්ථානයක් ද හිමි වූ කාල වකවානුවකි.1995 - 02 - 28 වන දින දක්වා විදුහල්පතිවරයා ලෙස K.G.D.M පියදාස මහතා කටයුතු කළේය. 1995 - 02-28 වන දින G.V පියදාස මහතා නව විදුහල්පතිවරයා ලෙස කටයුතු භාර ගන්නා ලදී. මේ කාලයේදී දිස්ත්‍රක් සංවර්ධන පාසලක් ලෙස ද මෙම විද්‍යාලයය තෝරා ගන්නා ලදී. 1998 වර්ෂයේදී වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ පන්ති ආරම්භ කරන ලදී. නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදි කිරීම ද මෙම වර්ෂයේදී ආරම්භ කරන ලදී. 2000 - 01 - 31 වන දින දක්වා G.V පියදාස මහතා විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන ලදී. 2001 - 01 - 31 දා සිට A. B.T.M.K බණ්ඩාරනායක මහතා විදුහල්පති ධූරයට පත් විය.2002 දී පාසල් සිසුන්ගේ පරිගණක හැකියාව වර්ධනයට අවශ්‍ය පරිගණක සම්පත් මධ්‍යස්ථානයක අයිතිය ලැබිණි. 2005 වර්ෂයේදී මෙම විද්‍යාලයය ප්‍රදීපාගාර පාසලක් බවට පත් විය.2015 වර්ෂයේ සිට විද්‍යාලය සතු ප්‍රාථමික අංශය වෙනමම පාසලක් ලෙසින් පරිපාලන කටයුතු සදහා වෙන් කරන ලදී.2000 - 01 - 31 වන දා සිට 2016 - 04 - 05 වන දිනය දක්වා A.B.T.M.K බණ්ඩාරනායක මහතා විද්‍යාලයීය විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේය. 2016 - 04 - 05 වන දින සිට විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස W.M සේනාරත්න මහතා නව දැක්මක් සමගින් විද්‍යාලයීය සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි. 6 - 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ වත්මන් ගුරු සංඛ්‍යාව 41 ක් වන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 465 කි.

ආරම්භ කළ වර්ෂය

1955

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

12

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

ලිඛිත සදහනක් නොමත

මුල් ගුරුතුමාගේ නම

මුල් ගුරැවරයෙකු පිළිබද ලිඛිත සටහන් නොමැති අතර 1961.02.14 වන දින D.M.J.ප්‍රනාන්දු ව්දුහල්පතිවරයෙකු කටයුතු කල බව ලේඛනයන්හි සදහන්ව ඇත

පාසලේ ආදි කතෘගේ නම

ලිඛිත සදහනක් නොමත

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

12

පාසලේ නම

 

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

හබරන මින්නෙරිය ප්‍රදාන මර්ගයේ වත්මන් පාසල පිහිටි ස්ථානයට මුහුණලා හිගුරක්ගොඩ මාරගයේ ස්ථානයක බව අතීත තොරතුරැ දන්නෝ පවසති

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1955